එළඹෙන සදුදා (15) සිට සතියේ දින පහේම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව ප්‍රවාහන අපහසුතා හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පාසල්වලට මෙතෙක් ක්‍රියාත්මක වූ සතියේ දින දෙකක් නිවසේ සිට අධ්‍යයන කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය අවසන් වේ.
තවදුරටත් ප්‍රවාහන දුෂ්කරතා ඇති ප්‍රදේශවල විදුහල්පතිවරුන්ට සහ ළමයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට පළාත් බලධාරීන් පියවර ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.