CIDයට කැදවීමට එරෙහිව මනූෂ හඩ නගයි

by admindasun
0 comment 26 views

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරු දඩයම් කර රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප‍්‍රශ්ණ කිරීම් නතර කිරීමේ අරමුණින් සහ පාර්ලිමේන්තු කටයුතුවලට සක‍්‍රීය දායකත්වය ලබාදීමට ඇති අවස්ථාව වැලැක්වීම සදහා තමන් නිෂ්චිත කරුණු දැක්වීමකින් තොරව තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවට සාධාරණ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

පාර්ලිමේන්තුවේදී වරප‍්‍රසාද ප‍්‍රශ්ණයක් මතුකරමින් ඔහු අද උදෑසන මේ බව පැවසූ අතර වරප‍්‍රසාද ප‍්‍රශ්ණය යොමු කරමින් වැඩිදුරත් මෙසේද පැවසුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික අංශය මගින් සිදුකරන ලබනු බව ප‍්‍රකාශ කරන විමර්ශණයකට අදාල තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති හමුවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නාරාහේන්පිට පොලිස් ස්ථානය හරහා මා වෙත කැදවීමක් ලැබී තිබුණි.

කවුරුන් විසින් කරනු ලැබූ කුමන ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා මාගෙන් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන්නේද යන්න නිශ්චිතව එම කැදවීමේ සදහන් කර නැත. ඒ ආකාරයට තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත කරුණු ගැන කිසිදු සදහනක් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවීම සිවිල් පුරවැසියෙක් ලෙස මාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස මාගේ වරප‍්‍රසාද උල්ලංඝනය කිරීමකි.

ඒ අකාරයට නිශ්චිත හේතුවක් නොදන්වනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීම රටේ පවතින පොදු නීති පද්ධතිය ඉක්මවා යමින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ගයකි.

රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප‍්‍රශ්ණ කිරීම් නතර කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දඩයම් කිරීම සදහා මෙවැනි කැදවීමක් කර ඇත්දැයි යන්න ගැන සාධාරණ සැකයක් මතුවන බව ඔබතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

මේ සම්බන්ධයෙන් මාගේ නීතීඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් වැඩිදුර කරුණු විමසා සිටියෙමි. ඒ අනුව කුමන පරීක්ෂණයකට අදාල කරුණු හෙළිදරව් කළ යුතුද යන්නත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ කිසියම් පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර තිබේද යන්නත් විමසුවෙමි.

කිසියම් අයෙක් පැමිණිලලක් කර තිබේනම් පැමිණිල්ල කර ඇති නිශ්චිත කරුණ කුමක්ද යන්නත්, එවැනි පැමිණිල්ලක් නොමැති නම් ස්වයං මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශණයක් ආරම්භ කිරීමට හැකියාව තිබේද යන්නත් ප‍්‍රශ්ණ කළෙමි.

කිසියම් විමර්ශණයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා කැදවීමක් කරන්නේ නම්, අදාල විමර්ශණය ගැන නිශ්චිත කරුණු දැක්වීමක් කළ යුතු බව සේනාරත්න එදිරිව පුන්‍යා ද සිල්වා (1995* ශ‍්‍රී එල්.ආර්. නඩු තීන්දුවෙන් පැහැදිළිව සදහන්ව තිබියදීත් කරුණු විමසීමට යැයි පවසමින් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලබන්නේ පාර්ලිමේන්තු කටයුතු සදහා මාගේ සක‍්‍රීය දායකත්වය ලබාදීම වැලැක්වීමේ අරමුණින් යැයි සාධාරණ සැකයක් මතුවේ.

නිශ්චිත විමර්ෂණයක් ගැන නොදන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මැ කැදවන්නේ, පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගීවීම  හා අනෙකුත් පාර්ලිම්න්තු කටයුතුවලට සකී‍්‍රය දායකත්වය ලබාදීමට ඇති අවස්ථාව වැලැක්වීමට බව මාගේ විශ්වාසයයි.

ඒ නිසා නිශ්චිත කරණු දැක්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද උල්ලංඝනය වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව හමුවට කැදවා පරීක්ෂණයක් කරන ලෙසත්, ඔවුන්ගේ ක‍්‍රියාවන් මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසදා උල්ලංඝනය වී ඇති බවත් සදහන් කරන  නියෝගයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින බවද මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment