කෙරවලපිටිය යුද පිටියක් කරන බව ජවිපෙ කියයි

by admindasun
0 comment 61 views

විදුලි බල මණඩල විකිණීමේ පියවරක් ලෙස කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති ආණ්ඩුවේ තීරණය මුට්ටිය දමා බැලීමක් වුවත් එය වැළැක්වීමට තමා සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණට අනුයුක්ත ලංකා විදුලි සේවක සංගමය පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ හෙට සිට මේ විකිණීමට එරෙහිව දැඩි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.

විදුලිබල මණ්ඩලයේ සම්පත් ආරක්ෂා කිරීමට 20 වෙනිදායින් පසු කෙරවලපිටිය යුද පිටියක් බවට පත්කරන බව ඔහු පැවසුවේය.

“විදුලි බල මණ්ඩලය බැසිල්ලාගේ, මහින්දලාගේ, ගෝටලාගේ අප්පගේ බූදලේ” නෙමෙයි 20 වන අඟහරුවාදා විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නායකයින් කොළඹට කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරළා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනවා. ඒ වගේම සෑම ගමකම පන්සල් මූලික කර ගෙන පාරිභෝගික කමිටු පිහිටුවනවා ඒ හරහා ඇමරිකාවට විදුලි බල මණ්ඩලය විකිණීමේ ආණ්ඩුවේ කූඨ උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කරනවා.
අපි ලබන අගහරුවාදායින් පස්සේ කෙරවලපිටිය ආණ්ඩුවට එරහිව යුධ පිටියක් බවට පත් කරනවා,” යැයි  ජයලාල් මහතා පවසයි.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවසුවේය.

අපි දැනටමත් තීන්දු කරලා ඉවරයි පාරිභෝගික කමිටු ගම් මට්ටමින් දාන්න. බොහෝවිට ඉස්සරහට තත්වය තවත් දරුණු වෙයි. මේක පිටිපස්සේ ඉන්නේ අපි කියලා කියන්න එපා. අපි අද ඉදන් මේක අතට ගන්නවා. අපි ගම සංවිධානය කරනවා. පංසලේ හාමුදුරුවන්ට අපි ආරාධනා කරනවා ගමේ විදුලි බලය පාවිච්චි කරන සියලු ජනයා පංසලේ එකතු කරලා පංසලේ ගහනවා පාර්භෝගික කමිටු. අපි ගම බස්සනවා මේ ආණ්ඩුවේ මේ වැඩපිළිවෙලට විරුද්ධව.

මේකේ පළමු පියවර විදියට එළබෙන අගහරුවාදා දහවල් කොළඹට විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති එකතුවෙනවා. අන්න එදාට දැඩි ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.

ආණ්ඩුවට අභියෝග කරනවා පුලුවන්නම් මර්ධනය කරලා නවත්තන්න. නම්බුපිටින් ගෞරවයෙන් මේක අකුලගන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. නැත්තම් අපි අකුලනවා. ඒ වෙනුවෙන් කැපකරන්න ඕන මොනවද හැම දෙයක්ම කැපකරන්න අපි සුදානම්.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment