සැප්තැම්බර් වන විට රටටම එන්නත

by admindasun
0 comment 56 views

කොවිඩ් – 19 වැළැක්වීම සදහා සිදු කෙරෙන එන්නත් කරන ක්‍රියාවලිය හරහා සැප්තැම්බර් මස අග වන විට මෙරට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත් කර අවසන් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ඉන් පසු වයස අවුරුදු 30ට අඩු අය එන්නත් කිරීමට ඉන් පසු කටයුතු කරන බවයි.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා මෙම සම අග වන විට එන්නත් කර අවසන් කරන අතර මේ වන විට සමස්ථ ජනගහනයෙන් 30%කට එන්නත් ලබා දී ඇති බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment