ජූලි 06 දා බැසිල් පාර්ලිමේන්තුවට

by admindasun
0 comment 78 views

හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජූලි මස 06 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමටද නියමිත බව අද දින ජාතික පුවත්පත් දෙකක මුල් පිටුවේ පුවත්වල වාර්තා කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මේ වන විට කටයුතු කරනු ලබන මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉල්ලා අස්වී බැසිල් රාජපක්ෂ මහතාට එම අවස්ථාව ලබා දෙන බවත් එම ආරංචි මාර්ග පවසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ ගත කිරීමෙන් පසු ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment