මත්පැන් ඔන්ලයින් විකිණීමේ තීරණය ඉවතට

by admindasun
0 comment 22 views

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඇණවුම් කර මත් පැන් නිවෙස්වලටම බෙදා හැරීම මුදල් අමාත්‍යංශය විසින් අනුමත කළද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ඒ සදහා හිමිවී නොමැත.

සුරාබදු කොමසාරිස්වරයා වෙත ඊයේ දිනයේදී නිවසටම මත් පැන් බෙදා හැරීමේ තීරණයට මුදල් අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය අවසරය ලබා දුන්නේ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතියට යටත්වය.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ තම කමිටුව එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment