ඉන්දියාවේ පමණක් නොව කොවිඩ් – 19 රෝගීන් වාර්තා වීම සහ රෝහල්ගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඉතා දරුණු අතට හැරෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
ඊයේ මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ඉන්දියාවේ තත්ත්වය පිළිබදව වැඩි අවධානය යොමු කළ යුතු වුවත් තවත් රටවල් රැසක කොවිඩ් – 19 නිසා රෝගීන්ගේ සංඛ්‍යාව, රෝහල්ගත වීම් සහ මරණ සංඛ්‍යාව අතින් දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.
එම රටවල් අතර ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජියාව, තායිලන්තය සහ ඊජිප්තුව සිටින බවත් ඔහු කියා සිටියේය.
