ඇදන් 1200ක නව කොවිඩ් රෝහලක් යුධ හමුදාවෙන්

by admindasun
0 comment 47 views

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ඉදිකරනු ලබන මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් සදහාම වෙන්වූ විශාලතම රෝහල සීදූවේදී වැඩ අවසන් වෙමින් පවතින බව යුධ හමුදාව විසින් නිවේදනය කළේය.

රෝගීන් 1200කට පමණ නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකි මෙම රෝහලේ වැඩ කටයුතු ඉදිරි පැය 24 තුළ නිම කිරීමට සැළසුම් කර ඇති බවත් යුධ හමුදා ආරංචි මාර්ග පවසයි.

කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පසුගියදා මෙරට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලැබීම නව පහසුකම් ලබාදෙන බවට පැවසූ අතර ඇඳන් 1200කින් යුත් නව රෝහලක් මෙරට රෝහල් පද්ධතියට එකතු කිරීම එම වැඩසටහනේ පියවරක් ලෙස සිදු කරන බවත් යුධ හමුදාව කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment