LPL ශූරතාව B-Love Kandy පිළට

by admindasun
0 comment 41 views

Dambulla Aura කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර පැවැත්වුණු ලංකා ප්‍රීමියර් ලීග් අවසන් මහා තරගයෙන් B-Love Kandy කණ්ඩායම ජය ලබා ගැනීමට සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Aura කණ්ඩායම පන්දු වාර 20 තුළ කඩුළු 04ක් දැවී ලකුණු 147ක් ලබා ගැනීමට සමත් විය.

දෙවනුව පන්දුවට පහරදුන් B-Love Kandy කණ්ඩායම ඉතාමත් තියුණු තරගයකින් පසු අවසන් පන්දු දෙකේදී කඩුළු 05ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව හතරවන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ජයග්‍රහණය B-Love Kandy කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment