ක්‍රිකට් හදන්න නම් චාලි ඔස්ටින් නෙරපිය යුතුයි – අර්ජුන

by admindasun
0 comment 104 views

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට නම් බොහෝ ක්‍රීඩකයන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන චාලි ඔස්ටින් නමැති ඉංග්‍රීසි ජාතිකයා ඉවත් කර දැමිය යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

යූ ටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රණතුංග මහතා කියා සිටියේ චාලි ඔස්ටින් ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අතර ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් දහයකට අධික සංඛ්‍යාවකගේ පෞද්ගලික කළමනාකරු ලෙස ක්‍රියා කරන බවයි.

තම ක්‍රීඩකයන්ට ලැබෙන ආදායමෙන් 10%ක ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් ලබා ගන්නා නමුත් බදු වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට සතයක් හෝ නොගෙවන බව රණතුංග මහතා පවසයි.

හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන යන මහත්වරුන්ගේද කළමනාකරු සහ ව්‍යාපාරික හවුල්කරුවකු ලෙස චාලි ඔස්ටින් කටයුතු කරන බැවින් ඔවුන් විසින් මෙම පුද්ගලයා ආරක්ෂා කරන බවත් රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙසේ ක්‍රීඩකයන්ගේ කළමනාකරුවෙකු ලෙස ක්‍රියා කරමින් තම ක්‍රීඩකයන් මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන අතර තේරීම් කමිටුවටද එම ක්‍රීඩකයන් සම්බන්ධයෙන් බලපෑම් කරන බවටත් රණතුංග මහතා චෝදනා කරයි.

එනිසා දක්ෂ නවක ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාව ගිලහී යන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment