කොවිඩ් ආසාධිතයින් 570ක් සුවය ලබයි

by admindasun
0 comment 41 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 570 දෙනෙකු සුවය ලබා අද දින පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මේ වන විට ලංකාවේ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 22,831 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම අංශය කියා සිටියේය.
කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 7636කි.

ඔවුහු ලංකාව පුරා පිහිටි රජයේ රෝහල්වල සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විට ප්‍රතිකාර ලබති.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment