එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

by admindasun
0 comment 57 views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 02ක් සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2021 ජනවාරි 03 වන දින ලංකාවට පැමිණීමට නියමිතය.
විශේෂ ගුවන් යානයකින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ඔවුන් ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම තරගාවලිය පසුගිය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙය කල් දැමුණි.

ඒ අනුව ජනවාරි 03 වන දින ලංකාවට පැමිණෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ජනවාරි 05 වන දින සිට 09 වන දින දක්වා හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කටයුතුවල නිරත වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 14 සිට 18 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවන ටෙස්ට් තරගය ජනවාරි 22 සිට 26 දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment