ශ්‍රී ලංකාවට නෙදර්ලන්තයෙන් මල්

by admindasun
0 comment 61 views

කොළඹ මහ නගර සභාවේ කොවිඩ් – 19 මර්දන ක්‍රියාවලිය අගය කරමින් නෙදර්ලන්ත තානාපතිවරිය අද දින කොළඹ මහ නගර සභාවේ සංචාරයක නිරත විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ නෙදර්ලන් තානාපති Gonggrijp මහත්මිය විසින් කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ඇතුළු කොවිඩ් – 19 මර්දන කටයුතුවලට නායකත්වය දෙන කණ්ඩායමට මල් කළඹක් දී තම ප්‍රසාදය පල කළේය.

ඒ අතර කොළඹ නාගරික කොමසාරිස් රෝෂනී දිසානායක, ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි , රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මංගලිකා වික්‍රමරත්න සහ ආයුර්වේද ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. ජේ . මාරසිංහ යන මහත්ම මහත්මීන්ද කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන් ඇතුළු  කොවිඩ්සං – 19 මර්දනය කිරීම සඳහා සහාය දෙන සියලු කාර්ය මණ්ඩලය ඒ අතර විය.

නෙදර්ලන්තයේ මල් බොහෝවිට “ස්තුතියි” යැයි කීමට ක්‍රමයක් වේ. කොළඹ මහ නගර සභාවේ සේවකයින් හට ලබා දුන් මේම මල්, ශ්‍රී ලංකාවේදී ලන්දේසි බීජවලින් වගා කර ඇති අතර ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ශක්තිමත් සහයෝගීතාවය වර්ධනය වන සබඳතාවල සුන්දර සංකේතයකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment