විල්පත්තුව යළි වවන්න බදුර්දීන්ට නියෝග

by admindasun
0 comment 48 views

විල්පත්තු අභය භූමියට අයත් කල්ලාරු ප්‍රදේශයේ කොටසක් කපා එහි ජනතාව පදිංචි කිරීම නීති විරෝධී බව අද දින අභියාචනාධිකරණය විසින් තීරණය කළේය.

එසේම එම භූමි ප්‍රමාණයේ යළි වන වගාව සිදු කරන ලෙසත් ඒ සදහා වගකිවයුත්තා ලෙස අධිකරණය ඉදිරිපත් කර තිබුණු හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා නියෝග කළ අතර ඒ සදහා යන වියදම ඔහු විසින් දැරිය යුතු බවටත් අධිකරණය තීරණය කළේය.

විල්පත්තු ජාතික උද්‍යාපනයට සමීපව විල්පත්තු අභය භූමියේ කැළය එළි පෙහෙළි කිරීමට එරෙහිව මෙම නඩුව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබුණු අතර එම පාර්ශවයේ නඩු ගාස්තුද ගෙවන ලෙසද හිටපු අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

විල්පත්තු ජාතික උද්‍යානයට යාබද කල්ලාරු රක්ෂිතයේ අක්කර 2388ක් හෙළි කරමින් ජනතාව පදිංචි කිරීම නිසා සිදුවන වන සංහාරය නැවැත්වීමට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේදී මෙම නඩුව ගොනු කර තිබුණු අතර එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් නම් කර තිබුණි.

විනිසුරු ජනක් ද සිල්වා, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment