පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව විමර්ෂණය කරනු ලබන විශේෂ ජනාධිපති කොමිසම විසින් අද දින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතාට සහ කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරු හිමිවරුන් තිදෙනාට අවවාද කරන ලදී.
එම කොමිසටම සාක්ෂි ලබා දෙන අය විසින් සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධව මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සහ මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් නොකරන ලෙස එසේ අවවාද කරන ලදී.
එම කොමිසමට ලබාදුන් සාක්ෂියක් සම්බන්ධයෙන් පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණු අතර කොළඹ අගරදගුරු නිවස විසින්ද මාධ්‍යයට ප්‍රකාශ ලබාදී තිබුණි.
