සමගි ජනබලවේගය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කොට ජයග්‍රහණය කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රජය සමග එක්වීමට යන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එසේ රණවක මහතා ආණ්ඩුවට එක් වුවහොත් ඒ මහතාට ඇමැති ධූරයක්ද හිමිවන බව එම ආරංචි මාර්ග සදහන් කළේය. එවැනි පුද්ගලයන් සදහා අමාත්‍ය තනතුරු කිහිපයක් රජය විසින් තබාගෙන ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසූ විට පාඨලී චම්පික රණවක මහතාගේ සමීපතම නිළධාරියෙකු පැවසුවේ ඒ මහතා ආණ්ඩුවට එක් වීමේ කිසිදු තීරණයක් මේ වන විට ගෙන නොමැති බවයි.
එසේම චම්පික රණවක මහතා ආණ්ඩුවට එක්වීමක් ඉදිරියේදීද කිසිසේත්ම සිදු නොවන බවත් ඔහු කියා සිටියේය.
