කන්දකාඩු මධ්‍යස්ථානයේ තවත් 196කට කොවිඩ්

by admindasun
0 comment 66 views

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් – 19 ආසාධිත තවත් පුද්ගලයින් 196 දෙනෙක් හමුවී ඇති බව රජයේ ප්‍රවෘත්තිි දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් හමුවූ මුළු කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 252 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාධිත බවට වැලිකඩ බන්ධනාගාරයේදී තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට යොමු කළ අතර එහි ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment