කොවිඩ් – 19 ප්‍රතිකාර සදහා වෙන් කර තිබූ හෝමාගම මූලික රෝහලේ සාමාන්‍ය රෝගී සේවා හෙට සිට යළි ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙරට කොවිඩ් – 19 රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග හෝමාගම මූලික රෝහල කොවිඩ් ප්‍රතිකාර සදහා පමණක් වෙන් කෙරුණු අතර එය මධ්‍යම රජයට පවරා ගැනීමද සිදු විය.
කෙසේ වෙතත් මේ වන විට වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළ යම්තාක් දුරකට පාලනය වී ඇති බැවින් හෙට සිට අදියර කිහිපයකට සාමාන්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීමද ආරම්භ කිරීමට නියමිතය.
