ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 අසාධනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 67 දෙනෙකු අද දිනයේදී සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේය.
ඒ අනුව සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 1057 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
අද දිනයේදී සුවය ලබා පිටව ගිය නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 41ක් වන අතර ඒ අනුව මේ දක්වා නාවික හමුදා සාමාජිකයන් 563 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
අද දිනය වන විට කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 789ක් පමණ වන අතර කොවිඩ් – 19 ආසාධනය වූ මෙරට මුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1857ක් පමණ වේ.
අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාධිතයින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
