කොවිඩ් සුවවූ සංඛ්‍යාව 445 දක්වා ඉහළට

by admindasun
0 comment 21 views

කොවිඩ් – 19 ආසාධනය වීමෙන් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 63 දෙනෙකු පමණ අද දිනයේදීද සම්පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත් කර හැරීමත් සමග සුවය ලැබූවන්ගේ මුළු ගණන 445 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මේ වන විට රෝගය ආසාධනය වීමෙන් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 461 දක්වා පහත වැටී ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලින් පෙනී යයි. මේ වන විට රෝගය ආසාධනය වූවන්ගේ මුළු සංඛ්‍යාව 915ක් පමණ වේ. මින් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර ඊයේ දිනයේදී හදුනා ගැණුනු සියලු දෙනාද වැලිසර නාවික හමුදා කදවුරේ සාමාජිකයන් වේ.

කෙසේ වෙතත් කොවිඩ් – 19 ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයන්ගෙන් 121 දෙනෙකු මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසන පරිදි අද දිනයේ මේ වන තෙක් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment