කෙසෙල්වත්තේ ර‌ෝගීන් හමුවෙන්න‌ේ නිර‌ෝධායනය න‌ොකර ගෙදර යවපු අයගෙන්

by admindasun
0 comment 32 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය කිරීමේදී මුල් අවස්ථාවල ගුවන් තොටුපළිිිින් පැමිණෙන පිරිස් නිසි ක්‍රමවේදනයන්ට අනුව රට තුළට නොගැනීම හේතුවෙන් මෙම වසංගතය මේ තරම් දුර පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේය.

බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ සිට මාධ්‍ය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ ගුවන්තොටුපොළෙන් එන ටික දෙනෙක් නිරෝධානයනයට ලක්කර අනෙක් අය නිවාසවලට පිටත්කර යැවීමේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් – 19 වසංගත තත්ත්වය මේ දක්වා දරුණු අතට හැරෙමින් පවතින බවයි.

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කණ්ඩායම් වශයෙන් හමුවෙන්නේ පිටරට සිට පැමිණ එසේ නිරෝධායනයට ලක් නොකර ගෙවල්වලට පිටත්කර යැවූ අයගෙන් බෝ වුණු රෝගීන් බවත් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.

“කොරෝනා වසංගතය පාලනය කිරීම ලෝකයේ ඉහළම තැනක ඉන්න බවට බොරු ප්‍රවෘත්ති හදලා ව්‍යසනයේ වාසියගන්න උත්සාහ කළාට වගකීමෙන් තොරව වැඩකරලා ව්‍යසනය සමාජගත කළේ ආණ්ඩුවයි. රට වහන්න ඕනෑ කියලා ඉල්ලීම් එනකොට ජනාධිපතිවරයා හිනා වෙමින් කිව්වේ කෙරෝනා රෝගීන් 28ක් හමු වුණාම රට වහන්න ඕනෑ නැහැ, යුද්ධ කාලේදී 5,000ක් මැරිලාවත් රට වැහුවේ නැහැ කියලා. යුද්ධය සහ කොරෝනා වෛරසය අතර වෙනසවත් තේරුම් නොගත් ජනාධිපතිවරයෙක්,” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment