සාකච්ඡාවක් ඉල්ලා ජවිපෙ මැතිවරණ කොමිසමට

by admindasun
0 comment 18 views

කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බලපෑම හා එය මර්දනය කිරීමට ගන්නා ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට එම මහ මැතිවරණයට ඉදිරිපත් වන සන්ධානයක් ලෙස ජාතික ජන බලවේගයට අවශ්‍ය බැවින් ඒ සදහා අවස්ථාවක් ලබාදෙන ලෙස අද මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද දින මේ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටියේය.

කොවිඩ් – 19 වසංගතය හේතුකොටගෙන රටම නිරෝධායනයට ලක් කර ඇති අවස්ථාවක එම තත්ත්වය ගැන නොසලකා මහා මැතිවරණය පැවැත්වීමට රජය උත්සාහ කරන බවත් ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විරුද්ධ අතර පාර්ලිමේන්තුව නැවත කැදවිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment