විදුලි පරිභෝජනය 3න් 1කට අඩු වෙලා

by admindasun
0 comment 11 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ මෙරට විදුලි පරිභෝජනය තුනෙන් දෙකකින් අඩු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

මෙම කාල සීමාව තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කාර්යාල මෙන්ම බොහෝ කර්මාන්තශාලා මේ වන විට මුළුමනින්ම පාහේ වසා දමා ඇති නිසා මෙසේ විදුලි පරිභෝජනය අඩු වී ඇති බවත් එම ආරංචි මාර්ග තව දුරටත් සදහන් කළේය.

ඒ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිත සදහන් කළේ මේ වන විට රටේ පවතින හදිසි තත්ත්වය තුළ විදුලි බල සැපයුම නොකඩවා පවත්වාගෙන යාමට විදුල සේවකයින් 5,000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා රාජකාරියේ යෙදෙන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment