මේ වන විට ලෝකය පුරා පැතිරී යන කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අසමතුලිතතාව හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් පහත වැටී ඇති බව අද දින ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය අනුපාතවලට අනුව නිරීක්ෂණය විය.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 192.6530ක් විය.
ලොව පුරා පැතිරී ඇති කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර මෙහි බලපෑම තවදුරටත් රුපියල බාල්දු වීම සදහා හේතු විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
