විරෝධයට පිළිතුරු නැතිනම් තරුණ කැරැල්ලක් අත ළග

by admindasun
0 comment 94 views

රටේ තරුණ අරගලයට සාධාරණ පිළිතුරක් නොලැබුණොත් එය, අනාගතයේ ව්‍යසනකාරී තරුණ අරගලයක් බවට පරිවර්තනය විය හැකි බව රටේ වගකිවයුතු සියළු පුරවැසියන් සිහිතබා ගත යුතුයි. ඒ නිසාම සාධාරණ, අවිහිංසාවාදී, විනයගරුක තරුණ අරගලය ජයග්‍රහණය කරවීම, ජනාධිපතිවරයාගේ හා රජයේ වගකීමක් වනවා සේම, සියළු පුරවැසියන්ගේද වගකීමකි.

රට මෙවන් අර්බුධයකට ලක්ව ඇත්තේ ස්වභාවික අනතුරකින් හෝ සාමාන්‍ය තත්වයක් නිසා නොවන බව වර්තතමාන පාලකයින් සිහි තබා ගත යුතු අතර, ඔවුන්ගේ වැරදි තීරණ, අසමත්කම හා උද්දච්ච ක්‍රියා කලාපය මෙම අර්බුධයට හේතුව වූ බැවින්, වහාම සුදුසු පාළණ ක්‍රමයක් සදහා අවකාශ සලසාදෙන ලෙස අප බල කර සිටිමු.

තමන් වැරද්දක් කල බව ජනාධිපතිවරයාම පිළි ගනිමින් තිබියදී තවදුරටත් මහජනතාවට සංවේදී නොවීම ඓතිහාසික වරදකි. එසේම මහජන අරගලය ජයග්‍රහණය කරවීම වෙණුවට, ඇතිවන අවාසනාවන්ත තත්වය පාවිච්චි කරමින් බලයට පත් වීමට කට බලියාගෙන සිටින විපක්ෂය ඇතුළු සමස්ත පාර්ලිමේතුවම වග කිව යුතු බවත්, විරෝධය ඒ දෙසට ඉල්ලක්ක වීම නොවැළැක්විය හැකි බවත් සමස්ථ මහජන නියෝජිතයින් සිහි තබා ගත යුතුය.

රවී කුමුදේශ්
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment