ක්‍රිකට් සංවර්ධනයට උපදේශක කමිටුවක්

by admindasun
0 comment 54 views

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කර ඇත.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කර ඇති අතර එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු පිළිබඳව උපදෙස් ලබා දීමයි.

අරවින්ද ද සිල්වා මෙම කමිටුවේ සභාපති ධූරය දරණ අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම කමිටුවේ  අනෙකුත් සාමාජිකයින් බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීම හා පුහුණු කිරීම, අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුව හරහා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන කටයුත්තකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක තාක්ෂණික උපදේශක කමිටුව වෙතද මෙම කමිටු සාමාජිකයින්ගේ නම් යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා යෝජනා කළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment