දුර්ලභ අහස් සංදර්ශනයක් මේ මස අග

by admindasun
0 comment 59 views

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකිය හැකි වනු ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

එදිනට එම ග්‍රහ ලෝක දෙක එක්ව අසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බවත් ඔහු කියා සිටියේය.
තවද හිරු බැස යෑමෙන් පසු රාත්‍රී 8.45ට පමණ ග්‍රහලෝක බැස යාමට පෙර මේ දිනවල බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව නිරීක්ෂණය කළ හැකි අතර 2020 දෙසැම්බර් 21 වන දින ග්‍රහලෝක දෙක, අන්සකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණෙන බවත් මහාචාර්යවරයා පවසයි.

මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ වසර 397 කට පෙර එනම් 1623 ජූලි 16 වන දිනය.
ඒ කලා 5කින් පමණය. 2080 මාර්තු 15 වන දිනද අපට මෙවැනිම වූ කලා 6 ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයිද මහාචාර්ය ජයරත්න පැවසීය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment