එළඹෙන නොවැම්බර් මස 21 දින සිට දෙසැම්බර් 13 දක්වා පල්ලෙකැලේ සහ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සදහා ඉදිරිපත් වන කණ්ඩායම් පහ අතරින් එකක් වන Jaffna Stallions කණ්ඩායමේ හිමිකාරිත්වය මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන සමාගමක හිමිකාරිත්වය දරණ බ්‍රින්ග්ඩන් බගිරදන් විසින් මිලදී ගෙන ඇති බව ඊයේ නිවේදනය කළේය.
මෙමගින් තරුණ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවාගෙන අනාගතයේ ඉදිරි පෙළ ක්‍රීඩා කිරීමේ අවස්ථා සලසා දෙන බව Jaffna Stallions කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරී සෙල්වා වරන් පවසයි.
තිසර පෙරේරා, ඩේවිඩ් මාලන්, වනිදු හසරංග, ෂොයිබ් මලික් වැනි ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් පසුගිය සතියේදී Jaffna Stallions කණ්ඩායමට එක් කර ගන්නා ලදී.
තවද යාපනයේදී ප්‍රාදේශීය මට්ටමින් දස්කම් පෙන්වා ඇති තරුණ ක්‍රීඩකයින් වන තිවේන්ද්‍රම් දිනෝෂාන්, විජයකාන්ත් වියස්කාන්ත් සහ කනගරත්නම් කබිල්රාජ් යන අයද Jaffna Stallions කණ්ඩායමට ඇතුළත් කර ඇත.
