තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන්/ තරඟ ඇවිදීම/ පාපැදි රේසිං (පිරිමි හා කාන්තා) තරඟ 2020 ඔක්තොම්බර් මස 10 සහ 11 යන දිනයන්හී කතරගම නගරය ආශ්‍රිතව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි කිරීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණය 2020.10.09 දින පෙ.ව.8.00 සිට ප.ව.2.දක්වා කතරගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචිය සඳහා පැමිණෙන විට දින 14 ක් ඇතුළතදී ලබාගත් ඊ.සී.ජී (ECG) වාර්තාවක් රැගෙන පැමිණිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
