සිදු කළ විශේෂ පරීක්ෂණයකින් පසු 1972 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (ඇ) වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සින් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරන ලද බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙයට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය 2020 සැප්තැම්බර් 04 දින ප්‍රසිද්ධියට පත් කර ඇත.
මේ වන තෙක් උක්ත සම්මේලනය විසින් ජාතික ක්‍රීඩා සංගමයක් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි නිසි පරිදි සිදු කර නොමැති බව අනාවරණය විය. ඒ් සම්බන්ධව කරුණු සොයා බලා සකස් කළ වාර්තාවට අනුව
* 2016/2017 වර්ෂවල ගිණුම් ප්‍රකාශන විගණනය නොකිරීම,
* මව් සංගමයෙන් පාලනය වන පළාත් හෝ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් පිහිටුවා නොතිබීම,
* ප්‍රාදේශීය වශයෙන් හෝ ජාතික වශයෙන් ක්‍රීඩා තරග නොපැවැත්වීම,
* වාර්ෂික මහ සභා රැස්වීම්/නිළවරණ නොපැවැත්වීම මෙන්ම ඒම සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දී ඇති ලිපිනය ද සත්‍ය නොවීම හේතුවෙන් අමාත්‍යාංශය විසින් යොමු කරනු ලබන ලිපි නැවත ක්‍රීඩා අමාත්‍යාංශයටම ලැබෙන බවද තහවුරු විය.
මෙම කරුණු පාදක කොට ගෙන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සින් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරන ලදි.
”ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සින් සම්මේලනය” 58 වන ජාතික ක්‍රීඩා සංගමය ලෙස 2016 මාර්තු 11 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ලියාපදිංචි කර තිබුණි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති සියලුම ක්‍රීඩා සංගම් හා සම්මේලන පිළිබදව අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමු වන අතර, මෙහිදී ගිණුම් වාර්තාවල නිරවද්‍යතාවය,නියමිත කාල සීමා තුළ නිළවරණ පැවැත්වීම, පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් තරගාවලි පැවැත්වීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ඇති බවත් අමාත්‍යංශය නිවේදනය කරයි.
