රුපියල් 19,900ක් වැනි මිලකට 4,000mAh බැටරියක්, 2GM RAM සහ 32GM ROM සහිත OPPO A1K දුරකථන මාදිලිය හදුන්වා දීමත් සමග සෑම මිලකටම අයත් මාදිලි රැසක් OPPO සමාගම සතුවන අතර සහන මිලට මිලදී ගත හැකි, එහෙත් ඉහළ ක්‍රියාකාරිත්වයෙන් යුතු OPPO ස්මාර්ට්ෆොන් විශේෂාංග අත්විදීමේ මහගු අවස්ථාවද ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනු ඇත.
රු. 20,000කට අඩු ස්මාර්ට්ෆෝන් කාණ්ඩය මින් ඉදිරියට මෙරට ස්මාර්ටෆෝන් වෙළෙධ පොළේ සැබෑ වෙනසක් ඇති කරන කාණ්ඩයක් වනු ඇති අතර එය රටේ ඉහළ යමින් පවතින ස්මාර්ට්ෆෝන් භාවිතය තවදුරටත් පුළුල් කිරීම සදහා සුවිශේෂී දායකත්වයක් සපයනු නිසැකය.
OPPO A1K දුරකථන මාදිළියේ ඇතුළත් 4,000mAh බැටරිය එම කාණ්ඩයේ විශාලතම බැටරි අතරින් එකක් වන අතර ඒ නිසාම එය ආරෝපණය කිරීමෙන් තොරව දවසක් පුරා (පැය 17ක්) භාවිත කිරීමට හැකිවේ.
එමෙන්ම වඩාත් විශාල මතක ධාරිතාවක් එනම් 2GM RAM සහ 32 ROM සමග 256GB දක්වා ධාරිතාව වැඩි කිරීමේ හැකියාව සහිත මෙය ඡායාරූප හා දත්ත වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීමට ඉඩකඩ සලසා දෙයි. අගල් 6.1HD+ තිරයක් සහිත නිසා වීඩියෝ නැරඹීමේදී සහ වීඩියෝ ක්‍රීඩාවල යෙදීමේදීද සුවිශේෂී අත්දැකීමක් හිමිවනු ඇති අතර Corning Gorilla Glass 3 නිසා තිරයේ සවිශක්තියද වැඩිවී තිබේ.
previous post
