කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා තම ආදායම් මාර්ග අහිමි වී සිටින වෘත්තීයමය ටෙනිස් ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීම සදහා අරමුදලක් පිහිටුවීමට සැළසුම් කර ඇත.
ඒ අනුව ලොව පුරා පිහිටි 800ක් පමණ වූ මෙවැනි කාන්තා සහ පිරිමි දෙඅංශයේම වෘත්තීයමය ක්‍රීඩකයන්ට මෙම අරමුදල ඔස්සේ ප්‍රතිලාභ ලබා දීමට නියමිතය.
ටෙනිස් ක්‍රීඩාව පාලනය කරනු ලබන ලෝක නියාමන ආයතන විසින් මෙම තීරණය ගෙන ඇත.
