සංගාගේ MCC තනතුරේ කාලය දීර්ඝ කෙරේ

by admindasun
0 comment 27 views

ලෝක පූජිත ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ එංගලන්තයේ MCC ක්‍රීඩා සමාජයේ සභාපති ධූරය තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා මේ වන විට ක්‍රීඩා සාමජයේ කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති බැවින් තවත් මාස 12කින් ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමේ තීරණය ගෙන ඇත.

ඵෛතිහාසික MCC ක්‍රීඩා සාමජයේ සභාපති තනතුරට පත් ප්‍රථම බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා වන්නේ කුමාර් සංගක්කාරයි. එසේම මෙම තනතුර සාමාන්‍යයෙන් මාස 12ක කාල සීමාවකට ප්‍රදානය කෙරෙන අතර පළමු සහ දෙවන ලෝක යුද්ධ සමයේදී පිළිවෙළින් මාර්ටින් බ්ලේඩ්න් සහ ස්ටැන්ලි ක්‍රිස්ටෝපර්සන් මෙම තනතුර වසරකට වැඩි කාලයක් හොබවා ඇති බව වාර්තා වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment