ශ්‍රී ලංකන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා අරඹයි

by admindasun
0 comment 38 views

ගෝලීය භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීම බරපතල අනතුරක පවතින මොහොතක අපනයන ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය සදහා ගමනාන්ත රැසක් සදහා ගුවන් සේවා කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ ඒ අනුව මැයි 18 වන දින සිට මෙම මෙහෙයුම් දියක් වන බවයි.

ලෝකයේ අනෙකුත් ගුවන් සමාගම් මෙම මෙහෙයුම් නවතා ඇති සමයක ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරට අපනයන ආර්ථිකය ගැන වගකීමෙන් කටයුතු කරමින් මෙවැනි තීරණයක් ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ පතිරගේ මහතාට අනුව යුරෝපය, මැද පෙරදිග, ඉන්දියානු උප මහද්වීපය සහ ඈත පෙරදිග ප්‍රධාන නගර සමග සම්බන්ධ වෙමින් කොළඹ සිට සතියකට විශේෂිත ගුවන් ගමන් 27ක් පමණ ආරම්භ කිරීමට නියමිතය. මෙම ගමනාන්ත අතරට යුරෝපයේ ලන්ඩන් සහ ෆ්‍රෑන්ක්ෆර්ට්, චීනයේ බීජිං, ෂැංහයි සහ ගුවැන්ෂු, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිංගප්පූරුව සහ ඈත පෙරදිග ටෝකියෝ, මැද පෙරදිග දෝහා සහ ඩුබායි, දකුණු ආසියාවේ මාලදිවයින, බංග්ලාදේශය සහ ඉන්දියාවේ නගර කිහිපයක් අයත් වන අතර ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ ඉන්දියාව වෙත මෙහෙයුම් සිදු කළ විශාලතම විදේශීය ගුවන් සේවයද වනුු ඇත.

මේ ඔස්සේ මෙරට භාණ්ඩ අපනයනය කිරීමට මෙන්ම අමුද්‍රව්‍ය ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට හැකියාව ලැබෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ධාරිතාව සාමාන්‍ය ගුවන් භාණ්ඩ ධාරිතාවට වඩා ඉහළ දමා ඇති බවත් පතිරගේ මහතා කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment