එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් කොවිඩ් – 19 මර්දනයට පරිත්‍යාගයක්

by admindasun
0 comment 11 views

එංගලන්ත ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයන් විසින් කොවිඩ් – 19 මර්දන කටයුතු සදහා පවුම් 500,000ක පරිත්‍යාගයක් සිදු කළ බවට විදේශ මාධය විසින් වාර්තා කරන ලදී.

මේ සදහා එංගලන්තයේ ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් මෙම පරිත්‍යාගය සිදු කළ බව එංගලන්තයේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය නිවේදනය කළ බවත් එම වාර්තා වැඩි දුරටත් සදහන් කළේය.

තවද එංගලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධානතම ගිවිසුම්ගත සාමාජිකාවන්ද අප්‍රේල්, මැයි සහ ජුනි මාසවලදී ස්වේච්ඡාවෙන් සිය වැටුප් අඩු කිරීමට යෝජනා කර තිබේ. මෙම අඩු කිරීම පුහුණුකරුවන්ගෙන් මෙන්ම සහාය කාර්ය මණ්ඩලයේ වැටුප් වලින්ද අඩුකෙරෙනු ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment