කොරෝනා වෙෙරසය චීනයේ ව්‍යාප්ත වීමත් සමග ලෝකයම තැති ගනිද්දී වසංගත රෝග වැළක්වා ගැනීමට / මර්දනය කිරීමට මෙරට සෞඛ්‍ය අංශවල ඇති විශේෂඥ හැකියාව නොදන්න බොහෝ දෙනා කලබල වීම සාමාන්‍ය සිදුවීමක් ලෙස හැදින්විය හැකිය. එහෙත් ඒ් පිළිබදව දන්නා උදවිය සත පහකට කලබල නොවීය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම වසංගත තත්ත්වයේ අලුත්ම අංක ඡන්ද ප්‍රතිපල ලබා දෙන්නාක් මෙන් වාර්තා කරද්දී ජනතාවද අතිශය බියට පත්විය.
කොරෝනා වෙෙරසය වැළදුණු චීන කාන්තාවක් මෙරටින් වාර්තා වුණු බව සැලවුණු විගස තවත් පිරිසක් කලබල වූයේ කොරෝනා වැළදුණු විදේශිකයන් මෙරටට පැමිණෙන තුරු ආණ්ඩුව උඩ බලාගෙන සිටියාද යන ප්‍රශ්නය මතු කරමින් ජනපති ගෝඨාභය ඇතුලු පිරිසට දොස් පැවරීය. විපක්ෂය ලෙස යූ එන් පියේ මහ ලේකම්වරයා කියා සිටියේ මේ වෙෙරසයට ප්‍රතිකාර කිරීමේදී එම රෝගයෙන් ආරක්ෂාවීමට මෙරට සෞඛ්‍ය අංශවලට හරි හැටි පහසුකම් නොමැති බවයි. (හරියට මෙවැනි වෙෙරසයක් එන බව ආණ්ඩුව කලින් දැන සිටියා මෙන්).
කෙසේ වෙතත් මතක තබා ගත යුතු වන්නේ මෙරට සංචාරය කොට නැවත චීනයට යන්නට කටුනායක ගුවන් තොටුපළට පැමිණි චීන ජාතික කාන්තාවට කොරෝනා වෙෙරසය වැළදී ඇති බව හදුනා ගැනීමට හැකි වූයේ අපගේ නිරෝධායන (quarantine) අංශවල තිබූ ප්‍රබලකම නිසාය. තවද චීනයට යන්නට ගිය කාන්තාව අයි ඩී එච් රෝහලට රැගෙන එන විට තවත් පිරිසක් බිය වූවා මෙන්ම යන්න ගිය කෙනාට යන්න නොදී නැවත ගෙන්වා ගත්තේ යැයි ආණ්ඩුවට බැණ වැදුණි. එහෙත් අපගේ විශේෂඥතාව පිළිබද විශ්වාසය තැබූ සෞඛ්‍ය අංශ ඒ බව හැමෝටම පසක් කර දෙමින් එම රෝගියා සම්පූර්ණයෙන් සුව කිරීමට අද වන විට සමත් වී ඇත.
තවද චීනයේ සිට මෙරටට ගෙන්වා ගත් සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී නොබියව ඉදිරිපත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කණ්ඩායමටද පැසසුම් හිමිවේ. එම පිරිස දැනට ස්ථානගත කර තිබෙන දියතලාව යුධ හමුදා කදවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානය ගොඩනැගීම පිළිබදව සහ උපක්‍රමශීලීව අදාළ පිරිස මත්තල ගුවන් තොටුපළේ සිට දියතලාව දක්වා ගෙන ගිය අයුරු පිළිබදව සාමාජ ජාල සිසාරා පැසසුම් ලියවේ. (රටේ තවත් ජාත්‍ය්න්තර ගුවන් තොටුපළක් තිබීමේ වැදගත්කම ගැනද තවත් පිරිසක් මේ මොහොතේ පෙන්වා දෙති).
මේ හැම දෙයක්ම යුධ හමුදාවද සම්බන්ධ වී සිදු කරන විට අපට සිටින්නේ මිනී මරු හමුදාවක් යැයි කියූ පිරිස පවා අද ලෝකයේ හොදම මානුෂීය යුධ හමුදාව සිටින්නේ අපට යැයි පවසති. රාජ්‍ය නිළධාරීන් හෝ සාමාන්‍ය සෞඛ්‍ය නිළධාරීන්ට වඩා යුධ හමුදාව ගැන ජනතාවගේ විශ්වාසය ගොඩ නැගෙමින් ඇත. ඒ ඔවුන් එම රාජකාරිය හරි හැටි ඉටු කළ නිසාය.
කෙසේ වෙතත් මේ සියල්ල හමුවේ වර්තමාන ජනාධිපතිවරයා තවමත් ජාතිය අමතා ප්‍රකාශ ලබා දෙන්නට ගියේ නැත. අයියා ජනාධිපතිකම් කරන සමයේ මෙන් හන්දියක් හන්දියක් ගානේ කටවුට්, බැනර්, පෝස්ටර් ගසමින් මේ සම්බන්ධයෙන් තමාට ලකුණු දා ගන්නට ගියේ නැත. අඩුම තරමේ රූපවාහිනයේවත් ඔහු වැඩිය පෙනෙන්නට නැත. එල් ටී ටී ඊය යුධ හමුදාව ලවා මර්දනය කළා මෙන්ම යුධ හමුදාව ලවා උපරිම විනයෙන් ස්මාර්ට් ලෙස මේ කරන මෙහෙයුම පිටුපස සිටින්නේද ඔහු බව ඕනෑම පොඩි ළමයෙකුට වුවත් වැටහෙනු ඇත. තවද මේවාට කවුරු නායකත්වය දුන්නද පරිප්පු සීයක්, පාන් බාගයක් මිලදී ගැනීමේ සිට මෙරට බදු ගෙවන ජනතාවද සිහිපත් කළ යුතු වේ.
ප්‍රධාන විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය නායකත්ව අර්බුදයක ගිලී ඇති නිසාවෙන් ඔවුන්ට මේ පිළිබද ආණ්ඩුවේ වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීමටවත් වෙලාවක් නොමැත. එනිසා මෙම ගමන හරිහැටි පවත්වාගෙන යාමට හැකි වුවහොත් ජනාධිපතිවරයාගේ නියෝජනය ඇති පිළට එළඹෙන මහ මැතිවරණයද දිනා ගැනීමට අපහසු නොවනු ඇත.
ගෝඨා ස්මාර්ට් වන්නේ එබැවිනි!
– උදාර ජෝතිමුණි | 02. 02, 2020
