ජනපති රවටන වෘත්තිකයන්

by admindasun
0 comment 22 views

පසුගියදා අවසන් වුණු ජනාධිපතිවරණයෙන් පසු අලුත් ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළායැයි කියන්නේ යම් කිසි වෘත්තීකයන්ගෙන් සැදුම්ලත් (ප්රොෆෙෂනල්) වියත් සංවිධානයක් බවට ගෝඨාභය පාර්ශවයේ (මහින්ද පාර්ශවය නොව) ඇත්තන් පුරසාරම් දොඩති.
එසේම නව ආණ්ඩුවේ සංස්ථා, මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල තනතුරු බෙදා ගැනීමේදීද එම තනතුරු ලබා දුන්නේද (දෙමින් සිටින්නේද) ඔය කියන සංවිධානයේ සාමාජිකයන්ටය. මුලින් කී පරිදි කුමක්දෝ වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා මැනවින් සුදුසුකම් සලකා බලා එම තනතුරු දෙන බව කීවත් එසේ වූයේ නැත. දැන් එම සංවිධානයට සම්බන්ධයැයි කියන තරුණ පිරිස මෙන්ම වියත් යැයි කියා ගන්නා මැදි වියේ අයද ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තර්‍ග කිරීමට සැදී පැහැදී සිටී. ගම්පහ දිස්ත්‍රික්කයෙන් එසේ තරග කිරීමට බලාපොරොත්තු වන එවැනි වියතෙක් දැනටමත් තම කැම්පේන් එක සියනෑව සිසාරා අරඹා ඇත. තවත් වියතුන් රජයේ තනතුරු භාර නොගත්තේ මහ මැතිවරණයට තරග කිරීමට සිතාගෙනය.
මෙම වියතුන් හමුවේ අදාළ ප්‍රදේශ නියෝජනය කළ පළපුරුදු ජේ‍ය්ෂ්ඨ දේශපාලකයන් පැත්තකට විසි වී ඇති බවක් පෙනෙන්නට ඇත. අට පාස් නැති කසිප්පුකාරයන් පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවට සැකයක් නැත. එහෙත් වියත් යැයි කියා ගන්නා ප්‍රාෙෆෙෂනල් ගාය විතරක්ම දේශපාලනය කිරීමට සුදුසුකමක් නොවනු ඇති බව මතක තබා ගත යුතුය.
උදාහරණයක් ලෙස පැවසුවහොත් 2015 දී මහින්ද රාජපක්ෂ රජය පැරදී කට උත්තර නැති වන විට ඊට මාස කිහිපයකට පසු මහ ජන ගගක් නුගේගොඩට ගෙනාවේ ඔය වියතුන් විසින් නොවේ. අර කියූ දේශපාලඥයන් විසිනි. එදා ඔය වියතුන් සිටියේ ඒ ආණ්ඩුවට බයේ හැංගිලාය. ටික දෙනෙක් රටෙන් පිටට ගොස් හැංගුණි. තව කිහිප දෙනෙක් යූ එන් පී එකට මුක්කු ගහන්න ගියේය. තවත් පිරිසක් එසේ ගොස් ආපසු ආවේ යූ එන් පී එකෙන් ප්‍රතික්ෂේප වුණු නිසාය. ඔවුන් එනිසා මහින්ද ළග ඉතුරු වුණු නමුත් ඔවුන් පෙන්නුවේ මහින්ද මහත්තයාට තියෙන ලෙංගතුකමට එසේ කළා මෙනි.
කෙසේ වෙතත් එදා නුගේගොඩට හැමූ මහින්ද සුළගේ සිටම පසුගිය ජනාධිපතිවරණය දිනන තෙක් මහින්ද මහත්තයා කෙළින් කරගෙන තබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය පෙරටු කාෙටගත් පොදුජන පෙරමුණේ දේශපාලකයන් කළ මෙහෙය ඔය වියත් ප්‍රාෙෆෙෂනල්ලාට කිරීමට තියා සිතීමටවත් නොහැකිය.
අයිය මලෝ වුණත් දැන් ප්‍රසිද්ධියේම මේ ආණ්ඩුව තුළ මහින්ද පාර්ශවය සහ ගෝඨාභය පර්ශවය ලෙස පාර්ශව දෙකක් ඇති බව ප්‍රසිද්ධ රහසකි. මහින්ද මහත්තයා තනි නොකර සිටි ජේ‍ය්ෂඨයින් එළියට විසි කිරීමට ප්‍රාෙෆෙෂනල්ලා මාර්කට් කරමින් ඇත.
මැතිවරණ කියුම් හරිහැටි කෙරුම් බවට පත් කිරීමට නොහැකිව මේ වන විටත් මේ ආණ්ඩුවට ජනතා අප්‍රසාදයක් එල්ල වෙමින් ඇත.
එනිසා ජනාධිපතිවරයා මතක තබා ගත යුතු වන්නේ රණවිරුගායෙන් ජනාධිපතිවරණය දිනුවට ප්‍රාෙෆෙෂනල් ගායට මහමැතිවරණය දිනිය නොහැකි බවයි. මන්ද යත් ගමේ ඡන්ද ටික තවමත් තිබෙන්නේ ප්‍රාෙෆෙෂනල්ලා ළග නොවන නිසාය!
– උදාර ජෝතිමුණි | 27. 01. 2020

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment