ලෝකයේ කිසිදු රටක් කොරෝනා මර්ධනයට දක්වන ප්‍රමුකතාව සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට යොදවන බවක් නොපෙනේ. කොරෝනා පාලනය අතින් දියුණු රටවලටත් සාපේක්ශව මේ වන විට බොහෝ ඉදිරියෙන් සිටිනා ලංකාවේ රජය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සහන රැසක් මේ වන විටත් අනුමත කොට ඇත. පරිපාලන යාන්ත්‍රනය නියමිත පරිදි ක්‍රියාත්මක වීමේ සාධකය තුල බොහෝ ජන කොටස් වලට මේ වන විට පහත දැක්වෙන පහසුකම් ලැබෙන්නට නියමිතය.
ජනාධිපති ලේකම්වරයා 2020-03-30 නිකුත් කළ චක්‍රලේඛයේ ඇතුළත් සහන සහ ඒවා ලැබීමට සුදුසුකම් ඇති අය මෙසේය,
1- වැඩිහිටි දීමනා ලාභී 416,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනා ගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින 142,345 කට රුපියල් 5000/- ගෙවනු ලැබේ.
2- ආබාධිත දීමනාලාභී 84,071 සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින 35,229ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව හිමි වේ.
3- ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි 160,675 වන ගොවීහු ද රුපියල් 5,000/- දීමනාව හිමිකර ගනිති.
4- වකුගඩු රෝගී දිමනා ලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව ගෙවනු ලැබේ.
5- ගර්භනී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත ඝෘජුවම සපයනු ලැබේ.
6- සමෘද්ධි හිමිකම්ලාභී 1,798,655ක් දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 600,339 දෙනාට රුපියල් 5,000/- දීමනාව සමෘද්ධි බැංකුව / සමෘද්ධි අධිකාරිය මගින් ගෙවනු ඇත.
7- 645,179ක් වන විශ්‍රාමික රජයේ සේවකයනට විශ්‍රාම වැටුප ගෙවනු ලැබේ.
8- 1,500,000ක් වන රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවා ඇත.
9- ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ සහ ස්වයං රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයං රැකියාවල නිරත 1,500,000ක් දෙනාට කල් බදු වාරික සඳහා සහන සැලසේ
10- උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන හිමි වෙයි.
ඉහත වර්ගීකරණයට අයත් නොවන නමුත් අවදානමට මුහුණ පා සිටින්නවුන් ලෙස හඳුනා ගන්නා අයට ද සමාන සහන සැලසේ. එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමාජ සේවා සංවර්ධන, සමෘද්ධී සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුද්ගලයන් වෙත ඝෘජුවම බෙදාදීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් වෙයි. මේ ක්‍රියාදාමයේ දී ගොවීනට සාධාරණ මිලක් ලැබෙන පරිදි අතරමැදියන්ගෙන් තොරව සතොස, සමූපකාර වෙළඳ සැල් සහ පෞද්ගලික වෙළෙඳ ජාලයන් හවුල්කර ගන්නා ලෙස දැනුම් දී ඇත.
තමර ධනංජය ගුණරත්න
