ඊළග වාරෙදි රතු සහ නිල් දිනවනවා – සනත් ජයසූරිය

by admindasun
0 comment 105 views

එළඹෙන තරග වාරයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි Mulgrave Cricket Club ජයග්‍රහණය කරා රැගෙන යන බව එම ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වුණු ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි.

ඔහුගේ නව පත්වීම සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නව තනතුර සම්බන්ධයෙන් තමා නොඉවසිලිවන්ත වන අතර තමා එම තනතුර බාරගන්නා බවයි.

සියලු දෙනා සමග සුහදත්වයෙන් සහ ඉතා සමීපව කටයුතු කර Mulgrave Cricket Clubහි නිළ වර්ණයන් වන නිල් සහ රතු එළඹෙන 2021/22 තරග වාරයේදී ජයග්‍රහණය කරවීමට තමා කටයුතු කරන බවත් ජයසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන තිලකරත්න දිල්ෂාන් මෙල්බර්න් නුවර Mulgrave Cricket Club ක්‍රිකට් කණ්ඩායමේ මේ වන විට නායකත්වය දරණ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගද එම කණ්ඩායමට ක්‍රීඩා කරයි.

1905දී ආරම්භ කර ඇති මෙල්බර්න්හි Mulgrave Cricket Club ඕස්ට්‍රේලියාවේ තෙවන පෙළ ලීගයේ ඉහළින්ම සිටන ප්‍රධානතම කණ්ඩායමකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment