ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසට 3.30ට පමණ ආරම්භ වන අතර මෙම තරගය නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ටද උදාවනු ඇත.
මෙම තරගාවලියේ පළමු තරගය මාර්තු 03 වන දින පැවැත්වුණු අතර විකාශන අයිතිය නොමැති වීම හේතුවෙන් එය සජීවීව නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට අහිමි විය.
මෙම තරගයේ විකාශන අයිතිය ආසියානු කලාපයේ රූපවාහිනී නාලිකාවලට ලබා දී නොමැති අතර ශ්‍රී ලංකාවට එය එංගලන්තය හරහා ලබා ගැනීමට සිදු විය.
එහිදී වැඩිපුර රුපියල් මිලියන 10ක මුදලක් ගෙවීමට සිදු වීම නිසා ජාතික රූපවාහිනිය විසින් එය අතහැර දැමූ අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම අමතර මුදල ගෙවීමට කටයුතු කිරීම හේතුවෙන් දෙවන තරගයේ සිට චැනල් අයි නාලිකාව ඔස්සේ තරගාවලිය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද ශ්‍රී ලංකා පිළේ අකිල ධනංජය කඩුළු ත්‍රිත්වයක් එක දිගට ලබා ගැනීමට සමත් වූ අතර බටහිර ඉන්දීය කොදෙව් පිළේ ක්‍රීන් පොලාඩ් පිට පිට 6 පහර 6ක් ගැසීමට සමත් විය.
