තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,සංචාරක අමාත්‍යංශය, ලංකා ස්පෝර්ට් රයිසන් (LSR) ආයතනය හා ජාතික රළ මත ලිස්සා යාමේ සංගමය එක්ව සංවිධානය කරන රළ මත ලිස්සා යැමේ (Surfing) තරගාවලිය අද ආරුගම්බේ වෙරළ තීරයේදී සාර්ථක ලෙස අවසන් විය.
ඒ සදහා රටවල් 15 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 101 දෙනෙක් සහභාගී විය.
ජාතිත ශූරතාවලිය සදහා (පිරිමි) 67ක්ද, විවෘත ජාත්‍යන්තර ශුරතාවලිය සදහා (පිරිමි) 32ක්ද විවෘත ජාත්‍යන්තර ශූරතාවලිය සදහා (කාන්තා) 14ක්ද සහභාගී විය.
මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, ආජන්ටිනාව, ජර්මනිය, රුසියාව, ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව, පෝලන්තය, එංගලන්තය, ඇමෙරිකාව, ඉතාලිය, එස්තෝනියාව, බෙල්ජියම, ප්‍රංශය ඇතුළු රටවල් 15ක්
නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.

