පාර්ලිමේන්තු මැතිවරණය කොටස් වශයෙන් පැවැත්වීම අනතුරුදායකයි

by admindasun
0 comment 22 views

රජයට අවශ්‍ය පාර්ලිමේන්තුව නැවත කැදවීම නොවේ. හැකි කාලයක් ඡන්දය කල් දමා, හැකි පළමු අවස්ථාවේ දී ම, මහා මැතිවරණය පැවැත්වීම ය. එමගින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීමය.

කොරොනා උවදුර යම් ප්‍රමාණයකට සමනය වූ පසුව, කිසිවෙකු හෝ රටේ කොරොනා අවදානම නොමැති (හෝ කොරෝනා අවදානම අවම) දිස්ත්‍රික්ක කිහිපයක මහා මැතිවරණය පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් විය හැකිය.

යෝජනාව තාර්කිකය. දැනට කොරෝනා අවදානමක් නැති මොණරාගල, හම්බන්තොට, අනුරාධපුර, මාතලේ, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල ඉක්මනින් මැතිවරණය පැවැත්විය හැකිය. පසුව අදියර දෙක තුනකින් අඩු අවදානම් සහ ඉහල අවදානම් සහිත දිස්ත්‍රික්කව ඡන්දය පැවැත්වීමට යෝජනා කළ හැකිය. දෙවන වටයට, ගාල්ල, රත්නපුර, බදුල්ල, මාතර, වන්නි, කුරුණෑගල, කෑගල්ල වැනි දිස්ත්‍රික්ක විය හැකිය. වැඩිම රෝගීන් ප්‍රමාණය ඇති දිස්ත්‍රික්ක කොළඹ, පුත්තලම, කළුතර, ගම්පහ, යාපනය වැනි තැන් තෙවන වටයකට ගත හැකිය.

මෙවැනි යෝජනාවකට නීතිමය බාධාවක් නැත. බැලූ බැල්මට අහිංසකය. මගේ අදහස නම් ප්‍රතිඑලය ව්‍යසනකාරී විය හැකිය.
කඩඉම් ප්‍රශ්නය – මහා මැතිවරණය කඩින් කඩ පැවැත්වීමේ යෝජනාවට විරුද්ධවිය හැකි නාම යෝජනා බාරදී ඇති දේශපාලන පක්ෂ මොනවාද?

රජිත් කීර්ති තෙන්නකෝන්

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment