ශිල්ප Thursday විවෘත වෙයි

by admindasun
0 comment 48 views
කර්මාන්ත අමාත්‍යාංශයේ මඟ පෙන්වීම අනුව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබන ජාතික හස්ත කර්මාන්ත අලෙවි නිෂ්පාදන අලෙවිපොළ :  ‘ශිල්ප Thursday’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත  අමාත්‍ය විමල් වීරවංශ සහ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරු සහභාගී වූහ.
විවෘත කිරීමෙන් අනතුරුව සෑම බ්‍රහස්පතින්දා දිනයකම ‘ශිල්ප Thursday පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා බත්තරමුල්ල දියත උයනේ දී පැවැත්වීමට නියමිතය.
‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින් සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන අත්කම් නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන මෙම අලෙවි පොළ තුළදී අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා ඇත.
මෙහිදී නිෂ්පාදකයා විසින්ම මෙම නිර්මාණ අලෙවිකර ගැනීම සිදු කරනු ලබන බැවින් පාරිභෝගිකයාහට සාධාරණ මිලකට නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් මැතිතුමා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එම්. ඒ. බී. වී බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment