මැතිවරණ ‍‍කොමිසම දැන්වත් නැවැත්විය යුතුය

by admindasun
0 comment 57 views

රජිත් කීර්ති තෙන්නක‌ෝන් විසිනි

මැතිවරණ කොමිෂන් සාමාජිකයෝ දෙදෙනා (මහින්ද දේශප්රිය හා රත්නජීවන් හූල්) දැන්වත් ජනමාධ්යයේ එකිනෙකාට චෝදනා කිරීම හා විවේචනය කිරීම /ඇගවීම/ඇගවෙන සේ කටයුතු කිරීම/ නවතා දැමිය යුතුය. (කොමිසම ගන්නා තීරණ ජනමාධ්ය මගින් විවේචනය කොට ඇත්තේ හූල් මහතා බව අවධාරණයෙන්ම කිව යුතුය)

මම මේ කරුණ පුද්ගලිකව මහින්ද දේශප්රිය මහතාට අප්රේල් 21 හා 22 දිනවල කියා ඇත. හූල් මහතාට 22 දින උදේ කීවෙමි. මේ තත්ත්වය වැලැක්වීම සදහා දෙදෙනාටම කථා කර ඊයේ උදේ පැය දෙකකට වැඩි කලක් වැය කළෙමි. එම තත්වය විනාශකාරී මට්ටමකට ළගා නොවන්නට කළ හැකි හැම දේම කළෙමි. මහින්ද දේශප්රිය මහතා ඊයේ ‘ඔසුම්, අංගූර් හා ඉනබ්‘ කතාව මා සමග කියා එය අද පෝස්ට් කරන බව කීවේය. (ප.ලිි. මා මෙය ලියා පල කරන්නට පෙර ‘ඔසුම්, අංශුර් හා ඉනබ් කථාව මහින්ද මහතා පළ කර තිබුණි)

එකිනෙකා විවේචනය කිරීම අවසන් බව මම සිතුවෙමි. එසේ වී නැත.

විශ්වාසය ගිලිහී ගිය විට ‘හාවා බෝ කොළය‘ කයි. මැතිවරණ කොමිසම මේ බිද වට්ටා ගන්නා ප්රජාතන්ත්රවාදය පිළිබද මිනිසුන්ගේ විශ්වාසය යි.

  • ඇගවීම/ඇගවෙන සේ කටයුතු කිරීම/ මහින්ද දේශප්රිය මහතාග‌ේ ෆේස්බුක් කමෙන්ට් කිරීමෙන් පසුව ඔහුට සාධාරණයක් වීම සදහා එක් කරන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment