වසර 40කට පසු දරුණුතම ආර්ථික අර්බුදය මේ වසරේ

by admindasun
0 comment 47 views

පැතිරී යන කොවිඩ් – 19 වසංගතය නිසා සමස්ථ ලෝකයේ ආර්ථිකයට සිදු වී ඇති බලපෑම හේතුවෙන් පසුගිය වසර 40 තුළ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීමට දකුණු ආසියාවට සිදු වන බවට ලාේක බැංකුව අනාවැකි පල කරයි.

ලෝක බැංකුව විසින් නිකුත් කළ South Asia Economic Focus report වාර්තාව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ දකුණු ආසියාවේ රටවල් අට අතුරින් විශාලතම ආර්ථිකයට හිමි කම් කියන සහ බිලියන 1.3ක ජනතාවක් වාසය කරන ඉන්දියාවට මෙහි වැඩිම බලපෑම එල්ල වන බවයි.

රටවල් අටකින් යුතු දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය සියයට 6.3ක් වන බවට මීට මාස 06කට පෙර තත්ත්වය අනුව ලෝක බැංකුව විසින් ගණන් බලා තිබුණද මේ වසරේ දැන් පවතින තත්ත්වය අනුව අපේක්ෂා කළ හැකි වන්නේ සියයට 1.8 – 2.8ක් වැනි අගයක් බවත් එම වාර්තාව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.

දකුණු ආසියාතික රටවල්වලින් ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය සහ බංගලාදේශයට ආර්ථිකයේ කඩා වැටීමක් පෙන්නුම් කළ හැකි අතර පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින යන රටවලට දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවිය හැකි බවටත් ලෝක බැංකුව අනුමාන කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment