ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් වෙසක් මංගල්‍යය නිමිති කොටගෙන සුව පහන ලෙසින් දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සියලු රට වැසියන් එකට එකතු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
මෙම වැඩසටහනට අනුව නිවෙස්වල සිටම එකට එක්වී දේශය සුවපත් කිරීමට ප්‍රාර්ථනාවක් එකතු කිරීමට සැමට අවස්ථාව සැලසේ.
මෙහිදී කළ යුතු වන්නේ වෙසක් පෝය යෙදී ඇති අද (26) දින තම නිවසේ පහනක්, ඉටිපන්දමක්, වෙසක් කූඩුවක්, බකට්ටුවක් හෝ විදුලි බුබලක් දල්වා එහි ඡායාරූපයක් තමාගේ ෆේස් බුක් ගිණුමට හෝ ඉන්ස්ටර්ග්‍ග්‍රෑම් අප්ලෝඩ් කිරීමයි.
ඉහත සදහන් කළ දේට අමතරව තමා නිවසේ සිට සිදු කරනු ලබන ඕනෑම වෙසක් ක්‍රියාකාරකමක්ද මෙසේ අප්ලෝඩ් කිරීමේ හැකියාව ඇති බව ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය පවසයි.
තම ඡායාරූපය අප්ලෝඩ් කිරීමේදී David Pieris Group of Companies ෆෙස්බුක් පිටුව ටැග් කළ යුතු අතර #සුවපහන #suvapahana #சுவபஹன ලෙස හෑෂ්ටැග් කර තමාගේ ප්‍රාර්ථනාව සහ නගරයද සදහන් කළ යුතුවේ.
ෆේස් බුක් හෝ ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය තුළ නොමැති අයට තම ඡායාරූපය නගරය සහ ප්‍රාර්ථනාවද සදහන් කර 0777587839 යන අංකයට වටස්ඇප් කිරීමේ හැකියාවද ඇත.
තමා අප්ලෝඩ් කළ ඡායාරූපය සහ මේ සදහා එකතු වුණු ලොව පුරා විසිරී සිටින අන් අයගේ ඡායාරූප www.suvapahana.dpg.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් නැරඹිය හැකිය.
වගකිව යුතු ශ්‍රී ලාංකීය සමූහ ව්‍යාපාරයක් ලෙස තම සේවක මණ්ඩලය, පාරිභෝගිකයින්, අලෙවි නියෝජිතයින්, සැපයුම්කරුවන් ඇතුළු සියලු ජනතාව වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වයෙන් මිදීමට පවතින් සෞඛ්‍ය උපදෙස්වලට අනුව දුරස්ථභාවය ආරක්ෂා කරමින් එකට එකතු කර ප්‍රාර්ථනාවක් කීරීමට අවස්ථාව සැලසීම සදහා මෙම වැඩසටහන සංවිධානය කරළ බව ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය පැවසුවේය.
ජාති, ආගම් හෝ වෙනයම් කිසිදු භේදයකින් තොරව ලෝකයේ කොතැනක සිටියත් මෙම කාර්යය සදහා එක්විය හැකි බවත් ඩේවිඩ් පීරිස් සමූහය පැවසුවේය.
