ලංකාවේ අලුත්ම පක්ෂියා; හනුමාන් ඔලෙවියා

by admindasun
0 comment 163 views
ශ්රී ලංකාවෙන් අලුත් පක්ෂි විශේෂයක් නම් කරන්නට කොළඹ විශ්ව විද්යාලයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත.
මෙම නව කුරුල්ලා සිංහල බසින් හනුමාන් ඔලෙවියා නමින් නම්කර ඇති අතර, ඉංග්රීසි බසින් Hanuman Plover ලෙස හැඳින්වේ.
නවක කුරුළු පර්යේෂකයකු වන ජූඩ් ජනිත් නිරෝෂන් මහතා ප්රවීණ කුරුලු පර්යේෂක ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා සමග එක්ව නව සොයාගැනීම සිදුකර ඇත.
මෙම අලුත් නම් කිරීම පිළිබඳ විද්යාත්මක පර්යේෂණ පත්රිකාව තවමත් නිකුත්වී නැති අතර, පක්ෂියාගේ විද්යාත්මක නාමය බොහෝදුරට Charadrius seebohmi ලෙස නම් විය හැකි බව නව කුරුලු විශේෂය හඳුන්වාදීම සම්බන්ධයෙන් මන්නාරමේ පැල්මයිරා හවුස් හිදී පැවති වැඩසටහ
නකදී කොළඹ විශ්ව විද්යාලයේ සත්ත්ව විද්යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා ප්රකාශ

කළේය.
උතුරු අර්ධගෝලයේ සිට ශ්රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂියකු වන kentish Plover නමැති පක්ෂියාගේම උප විශේෂයක් ලෙස මෙතෙක් නම්කර සිටි මෙම පක්ෂියා ජානමය, ස්වරුපමය අතින් වෙනස් වීම හා මෙරට කැදලි තනා පැටවුන් බෝකරන බවට ඉහත පර්යේෂකයින් විසින් තහවුරු කර ඇත.
ඒ අනුව හනුමාන් ඔලෙවියා උප විශේෂ මට්ටමෙන් ඉවත්කර වෙනම විශේෂයක් ලෙස නම් කරන බවත්, ශ්රී ලංකාවේ හා පෝක් සමුද්ර ප්රදේශයේ (වැලිපර දූපත් සමුද්රීය කළාපයේ ) දකුණු ඉන්දියාව දක්වා මුහුදු කළාපයේ දිවිගෙවන, එම කළාපයට සීමාවූ පක්ෂියකු බවට තහවුරු වන නිසා හනුමාන් ඔලෙවියා ලෙස නම්කරන ලද බවත් පර්යේෂකයෝ සඳහන් කරති.
මේ අනුව ශ්රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කුරුල්ලන්ගේ හා නේවාසික කුරුල්ලන්ගේ ගණන ඉහළ යන බවද ඔවුහු කියා සිටිති.
ජගත් කණහැරආරච්චි

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment