CLC වෙතින් ත්‍රිරෝදවලට කොවිඩ්‌ ආවරණ

by admindasun
0 comment 23 views

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත්  සමග සිය ආයතනය  හා ගනුදෙනු කරන, රටපුරාම විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන්  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම පිණිස, ත්‍රිරෝද රථ සඳහා විශේෂයෙන් සකස් කළ ආවරණයක් (separators) හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණි.

මෙම ආවරණ බෙදා දීමේ උත්සවය නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින්, ශ්‍රී ලංකා පොලීසියේද සහය ඇතිව පසුගියදා කළුතර කටුකුරුන්දේ පිහිටි වෛද්‍ය විද්‍යායතන පරිශ්‍රයේදී පැවැත්විණි.

ත්‍රිරෝද රථ රියදුරා හා මගියා අතර පවතින ඉඩකඩ වෙන් කරමින් මෙම නවතම ආවරණය (separators) වෛරස සංසරණය වීම වළක්වන බාධකයක් ලෙසින් ක්‍රියා කරයි.

ඝනකමින් වැඩි පොලිතින් යොදා ගනිමින් නිපදවා  තිබෙන ආවරණය (separators) හරහා වෛරසය සංසරණය වීමේ ඉඩකඩක් නොපවතින බැවින්, මෙය රටපුරා ත්‍රිරෝද රථ සඳහා හඳුන්වා දිය හැකි හොඳම ආරක්ෂිත විකල්පයක්ද වෙයි.

“දෛනික ආදායමෙන් ජීවත් වන ත්‍රිරෝද රථ රියදුරන්ට වසංගත ව්‍යාප්තිය නිසා, රැකියාවෙහි නිරත නොවී සිටිමට හැකියාවක් නැහැ. ඒ වගේම, වසංගතය තත්ත්වයක් තිබියදී ත්‍රිරෝද රථවලින් මගීන් ප්‍රවාහනය කිරීම නිසා ඔවුනුත් වෛරසයට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා. ඒ අනුව සෞඛ්‍ය අංශය හා පොලීසිය සමග සාකච්ඡා කර අපගේ ත්‍රිරෝද රථ ගනුදෙනුකරුවන් හා මගීන් යන දෙපිරිසම ගමනාන්තය දක්වා වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ විසඳුමක් ලෙසින් මෙය හඳුන්වා දීමට අපට හැකි වුණා.” කොමර්ෂල් ලීසිං ඇන්ඩ්  ෆිනෑන්ස් සමාගමේ අලෙවි සන්නිවේදන කළමණාකරු, ප්‍රසාද් පෙරේරා මහතා පවසයි.

කෝවිඩ් රැල්ලෙහි පළමු ආගමනයත් සමග ත්‍රිරෝද රථ රියදුරන් ඉන් ආරක්ෂා කිරීමට මං සෙවූ CLC සමාගම, ඉකුත් මාර්තු මස මෙම ආවරණ 12,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර සිය  ශාඛා 68 හරහා ත්‍රිරෝද රථ ලීසිං ගනුදෙනුකරුවන් අතර බෙදා හැර තිබේ.

කොවිඩ් වසංගතයේ දෙවැනි ව්‍යාප්තියත් සමගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අත්වැල් බැඳ ගනිමින්, මෙම කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන ගිය කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, ත්‍රිරෝද රථ ගනුදෙනුකරුවන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මුඛ ආවරණ, විෂබීජ නාශක දියර හා මගීන්ගේ විස්තර සටහන් කළ හැකි පොත් පිංචක් ආදිය ඇතුළත් සනීපාරක්ෂක කට්ටලයක්ද සිය ශාඛා ජාලය මගින් පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබුණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment