මනාල මනාලියන්ට පළමු තෑග්ග ලිට්රෝ වෙතින්

by admindasun
0 comment 29 views

ශ්‍රී ලංකාවේ LP ගෑස් වෙළෙද පොළේ අවිවවාදිත ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම 2020 විවාහ මංගලෝත්සව සමය ආරම්භ වන ජුනි මාසයේ සිට නව විවාහක යුවළට පිදෙන සුරැකි තිළිණයක් ලෙස කිලෝ ග්‍රෑම් 12.5 නව ගෑස් සිලින්ඩර සදහා විශේෂ තෑගි වවුචර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. දිවයින පුරා විසිරුණු විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලවලදී තම විවාහයන් ලියාපදිංචි කරන මනාල මනාලියන්ට මෙම තෑගි වවුචර හිමිවනු ඇත.

“අප සියලු දෙනාටම කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා කිසියම් ආකාරයකින් බලපෑම් එල්ල වී ඇති බව අප කවුරුත් දන්නවා. එම නිසා මේ දුෂ්කර සමයේ අලුත් ජීවිතයකට මුලපුරන මනාල මනාලියන් වෙනුවෙන් අර්ථවත් හා ප්‍රෝයෝගික ත්‍යාගයක් ලබාදීමට අප තීරණය කළා. ඒ අනුව ඔවුන් තම විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු ලබන පළමු ත්‍යාගය ලෙස මෙම තෑගි වවුචර ඔවුන් අතට පත්වේවි. තම විවාහ සහතිකයත් සමගම මේ තෑගි වවුචරය හිමිකර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා,” යැයි ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ (විකුණුම්, අලෙවි, ආයතනික කටයුතු) ජනක පතිරණ මහතා පැවසීය.

විවාහය ලියාපදිංචි කළ දිනයේ සිට මාස 02ක් දක්වා මෙම ත්‍යාග වවුචර වලංගු වන අතර දිවයින පුරා විසිරුණු ඔ්නෑම ලිට්රෝ ගෑස් අලෙවි ස්ථානයක් වෙත එය භාරදී තම ගෑස් සිලින්ඩරය සදහා අවශ්‍ය මිල අඩුකිරීම ලබාගත හැකිය.
ලිට්රෝ ගෑස් ලංකා යනු කොවිඩ් – 19 වසංගතය හමුවේ භාණ්ඩ තොග අවසන් වී පාරිභෝිකයන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සදහා විශේෂ විධිවිධාන සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට සමත්වූ මුල්ම සමාගම් අතරින් එකකි. දිවයින පුරා විසිරුණු ලිට්රෝ ගෑස් හෝම් ඩිලිවරි සේවා මධ්‍යස්ථාන 1,000 සහ 10,000 ඉක්මවා ඇති අලෙවි ජාලය සමග එක්වී ඇදිරිනීතිය පවතින අවස්ථාවලදී පවා ශ්‍රී ලාංකිකයන්ගේ නිවෙස්වලටම ලිට්රෝ ගෑස් සිලින්ඩර ගෙනගොස් භාරදීමට සමාගම කටයුතු කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment