හච් වෙතින් නව පාරිභෝගික අත්දැකීමක්

by admindasun
0 comment 22 views

හච් පාරිභෝගිකයින්ව වඩා විශිෂ්ඨ සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස හච්, පසුගියදා කොළඹ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කර උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

එම අවස්ථාව සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනි තිරුකුමාර් මහත්මිය සහ හච් කළමණාකාරිත්වය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහභාගී වූහ.

“Be. Anywhere.” තේමාවට අනුව ඕනෑම ස්ථානයක සිට හච් සබඳතාව අත් විඳීම පිණිස පාරිභෝගිකයින් බල ගන්වමින්, හච් විසින් මෑතකදී දිවයින පුරා ව්‍යාප්ත ජාත්‍යන්තර මට්ටමේ 4G ජාලය දියත් කිරීම සාර්ථකව සම්පූර්ණ කෙරිණි.

2G සහ 3G ජාල පුළුල් කිරීම ඇතුළුව සිදු කෙරුණු එම දැවැන්ත ජාල ව්‍යාප්තිය මගින් පාරිභෝගික ගැටලුවලට විසඳුමක් වශයෙන් නව්‍යතම සන්නිවේදන සේවාවන් හඳුන්වා දෙන අතරම, පාරිභෝගිකයින් හට වඩා හොඳ ජාල අත්දැකීමක් ලබා දීමට හච් වෙත හැකියාව සැලසිණි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment